Mar 14, 2018

අතීසාරයට අමුඩ ගසනා නරුම පාලකයෝ



ප්‍රියන්ත හේවගේ මාතලන් 

ප්‍රියන්ත හේවගේ මාතලන්
අතීසාරය හැදුනාම බඩ යෑම නවත්තා ගන්නට බැරියඒත් අමුඩ ගහලා පුරුදු උන් කරන්නේඅමුඩේ තද කරලා ඇඳගන්නා එකයඒකෙන් අතිසාරය නවතින්නේ නැතිවාක් මෙන්මවිලිවසා ගැනිමට තිබෙනා අමුඩෙත් ගූ නාගන්නවායඅතීසාරේ හැදුනාම අමුඩ ගහලා තබාගුදමාරගයේ ඇබයක් ගැහුවත් වැඩක් වෙන්නේ නැතියකරන්න ඕනා එකම දේ අතීසාරටයටබෙහෙත් කරනා එකය.
අං පාරේ අම්බරුවන්ගේ ජෝගිය සමඟ ෆෝම් වූ තඹුත්තේගම ආන්ඩු විරෝධීකාලකන්නින්ගේ අඩව් ඇල්ලිල දුටු විගසරට ත්රස්තවාදයකට තල්ලු වෙන බව මාතලන්කිව්වේපේන බලලාවත් අංජනම් බලලාවත් නෙමේයඑහෙම නැතිනම් මාතලන් ආන්ඩුවේබුජ්ජි අන්සේ වැඩ කරන නිසාවත් නෙවේයදේශපාලන විජ්ජාවේ මහාචාරිය පදවියක් තියෙන නිසාවත් නෙමේයදශකපහක් තිස්සේ මේ රටේ සිඳු වූ දේවල ඇහැට දැකලාකනෙන් අසලාසමාජයේ සෑම මට්ටම්මේම ජහ මනයා සමඟ අදදක්වා ජීවත් වෙනා නිසාය.
මේ ආන්ඩුව කරන්න අමූලික බොරුවත් බවත්මෙය එකම කැඳ හැලියක් බවත්මේ ආන්ඩුවට කිසිඳු පැවත්මක් නැතිබවත්විසොන් හෝ මිසොන් නැති බවත්ඇත්තේ බලයට පත් වූ උන්ගේ සුඛ විහරණයමහින්ද රාජපක්ෂ ප්රමඛ පවුලේතත්වයට ගෙන ඒම පමණක් බවත් මාතලන් කියන්නේ බොහෝ කැපවී ජීවිත පරිත්යාගයෙන් ලබා ගත් යහපාලනේටමාස කීපයක් යන්නටත් මත්තෙන් සිටය.
අප ලංකා  නිව්ස් හී මාධ්යකරණය අනුමත කරන්නේ නැතිවාක් මෙන්මදෙරණහිරු හා දිවයින නම් කාළකන්නිජඩමාද්දියවේදින්ගේ අමු තිරිසන් ජනතාව කුපිත කිරීමේ හා ජාතිවාදයෙන් ජනතාවගේ ලේ කුපිත කිරීම්දකිසිසේත්අනුමත කරන්නේ නැතියඑහෙත්  සඳහා විසඳුම වාරණය කිරීම නොවේකළ යුත්තේ නිව්ස් ගෙන එන චෝදනාවලටආන්ඩුව පිළිතුරු සැපයිය යුතුවාක් මෙන්මජාතිවාදය පැතිරිමේ නියුතු මාධ් ආයතනවලට තද බල නීතී රීතී හඳුන්වාදෙමින් ඒවා යම් කිසි නිරීක්ෂණයකට යතත් කීරීමය.
ජාතිවාදය පතුරන්නේ මොකාද කියා ආන්ඩුවේ ගොබ්බයන්ට මෙන්ම ඒවා නියාමනය කිරීමට හා සොයාබැලීම සඳහා පත්කොට නිළධාරීන් හා සේවකයන්ට නොතේරෙනා දේ සාමාන් ජනතාවට අපූරුවට තේරෙන බව බලා ගැනීමට උවමනානම්මේ දෙපිරසම කළ යුත්තේතහනම් මැද්දේ ගොන් පෝස්ටුවක් දැමු උදේ 6:30 සිට පැයක වේලාවක් තිස්සේ රටගිනි තැබූදෙරණේචතුර අල්විස් නම් තිරිසන් ජඩ මාජ්ජවේදියාවට දී ඇති facebook ප්රතිචාර දෙස බැලීම පමණි.
සමාජ මාජ්ජ ජාල යනු ප්රධාන පෙලේ මාජ්ජ නොවේඑය නියෝජනය කරන්නේ සාමාන් මහජනතාවගේ වාරණයකටලක් නොවනා අදහස් වලිනිසමාජයේ මෙන්ම මේවායේද නරුමයන් නැතෙයි කියා කියනවා නම් එය අමූලික කෙප්පයක්වන්නේයමෙය සමාජයේම පැති කඩකිකාළකන්නි දේශපාලුවන් කියනවා මෙන්ම සමාජයේ කෝලාහාල කරනා පිරිසඉතා සුළු පිරිසක් වනවා මෙන්මසාමයට ලැදි සාමකාමි ජනතාව අති බහුතරය වනාතරෆේස්බුක් වල තත්වයද එසේමය.
අද හදිසි නීතිය දමාගෙනස්මාජ මාජ්ජ ජාල තහනමට ලක් කරගෙනසමාජ මාජ්ජ ජාල වලින් රට ගිනි තබන්න හැදුවායැයි කියා අත් අඩංගුවට ගන්නා ලද උසාවියේ හඬා වැටෙනා කිරි සප්පයන්ට හා චූ කොල්ලන්ට කරන්න පුළුවන්මලදානයක් නැති බව උන්ටම තේරෙනවා ඇතියකළ යුතුව තිබුනේ මේ පිරිස් කව්දැයි කියා වාර්ථා කරන්නට දුරකතනඅංකයක් හෝ  මේල් ඇඩ්රස් එකක් ලබා දීම පමණි.
එසේ කළේ නම්සමාජ මාජ්ජජාල තුල සිටිනා කාළකන්නින් සියල්ලම අල්ලා ගැනීමට හොඳටම ඉඩ කඩ තිබිනිකළයුත්තේ බහුතරයක් සාමයට ලැදි මිනිස් කමට ලැදි සාධාරන සමාජයක් වෙනුවෙන් පෙනි සිටිනා මිනිසුන්ගේ අදහස්වාරණයට ලක් කිරීම නොවේය.
රට ගිනි තැබූ උන් තාමත් එලියේයබුකියෙන් අල්ලා ගත් කිසි දෙයක් කළ නොහැකි චූ කොල්ලෝ අතුලේයචතුරඅල්ලිස්ලාසංඛ අමරජිත්ලාරංගනලා මෙන්ම දිවයිනේ ජඩ්ඩ මාද්දියවේදියෝත් තාමත් එලියේයනුවර ගොස් රට ගිනිතැබූ නානසාරසිරිසේනගේ ගිනි නිවනා මීටිමේයමේවාට හිනා වෙන්න වෙන්නේ හතර කොනෙන්යවීරවංශලාගම්මන්පිලලා මෙන්ම ගේමම ඉල්ලන රිෂාඩ් බද්යුදීන්ලාත් තාමත් එලියේය.
රට ගිනි තැබුවේ සමාජ මාජ්ජ ජාලවලින් කියනා උන් කරන්නේ අමු බොරුවයඑක්කෝ උන්ගේ බැරි බැරියාව වසාගැනීම සඳහා බුකිය වසා ගැනීමේ උවමනාවක් තිබෙනවා වෙන්න ඇතියඑසේ නැත්නම් මේවා සම්පූර්ණයෙන්ම වසාදැමීමට පාරලිමේන්තුවේ සිටිනා සියල්ලම එකඟතාවකට පැමිණිලා තියෙනවා වෙන්න ඇතිය.
මේ රට ගිනි තිබ්බේ පොලීසියේ ආශීර්වාදයද ඇතුවදේශපාලන් බැක් එකක් හිමි වෙල් ඕගනයිස් කිරිමෙනෙල් ගැන්සි බවආන්ඩුව දන්නේ නැති උනාටරටේ මිනිස්සු දන්නවායඋන් කව්දඋන් අයිති පක්ෂ මොනවාදනියමුවන් කව්දැයිකියන්නත් ජනතාව දන්නවායමේවට මේ කමිටු දමා කරන්නේ අමු කොමඩි බවත් ජනතාව දන්නවායජනතාවට ඕනාකමිටුවක් ඇත්තේ නැතියජනතාවට අවශ් සාමයෙන් ජීවත් වීමට පමණමයඑසේ නැතුව එක එකාගේ ඇජෙන්ඩා වලටනටනා රූකඩ වීමට නොවේය.
56 බූරූ පුතුන්ට “පේස් බුක්වෙබ් සයිඩ්” මැජික් වුවදලෝකය ගැන දන්නා මහා ලොකු ලිබරල් වාදීන් යැයි කියනාරනිල් වික්රමසිංහලා මෙන්ම හර්ෂ  සිල්වලාත් සමාජ මාජ්ජ ජාලා තහනම අගය කරමින් වැල් බයිලා ගැසීමලිබරල් යනනමටත් කරනා අමු නිගාවකිඅද ජාත්යන්තර වෙළදාම මෙන්ම සංචාරක ව්යාපාරය පවතින්නේද “වයිබර්” හා “වට්ස් ඇප්” අතරේ බව නොදන්නේ නම්මුන්ගෙන් බලාපොරොත්තු වෙන ආර්ථික සංවර්ධනය එකම සිහිණයාක්ම පමණක්වන්නේය.  අනෙක මේ මාධ් වාරණ එන්නේගෝත්රික සමාජයකින් නවීන ලෝකයකට ගමන් කරමු යැයි කියනාජනමාධ් ඇමතිවරයකු යටතේ වීම එයිටත් එහා ගිය එකම විහිළුවකි.
ඔවුන්ගෙන් මෙන්ම නියාමන කොමිසමේ මහත්තුරුන්ගෙන අපට අහන්නට තියෙන්නේ මේ ටිකය
  • එළාරට එදිරිව දුටුගැමුණු පිරිස් රැස් කොට එළාර මරා රජකම ගත්තේ facebook මෙහෙයුමකින්ද?
  • පරංගියා කෝට්ටේ එක්කගෙන ගියේ facebook මෙහෙයුමකින්ද?
  • පරංගියාටලන්දේසියාට එරෙහිව කැරළි ගැහුවේ facebook මෙහෙයුමකින්ද?
  • සිරි වික්රම රාජසිංගහේ ඔටුන්නට කෙලියේ facebook මෙහෙයුමකින්ද?
  • පර සුද්දාට එරෙහිව මාතලේ කැරළිවෙල්ලස්සේ කැරලි කොලේ facebook මෙහෙයුම් වලින්ද?
  • අනගාරික ධර්මපාලලා ජාතිවාදය පතුරන්නේ facebook මෙහෙයුම්වලින්ද?
  • පොන්නම්බල්ම්ලා 50 50 ඉල්ලන්නේ facebook බුක් මෙහෙයුම් වලින්ද?
  • 72 විජේවීර රටේම පොලිසි වලට කෙලියේ facebook මෙහෙයුමකින්ද?
  • 83 ඇල්ලට වට දෙකෙන් පටන් ගෙන මුළු රටේම දෙමළ සංහාරයක් කළේ facebook මෙහෙයුමකින්ද?
  • ඊට පස්සෙ ප්රබාකරන් අවුරුදු තිහක් තිස්සේ වෙනම රටක් කොරගෙන ගියේ facebook  Whatsapp  Viber වලින්ද..?
  • 88/89 ජෙප්පෝ රට ගිනි තිබ්බේ facebook මෙහෙයුමකින්ද?
  • 94 රනිලලි පාටියේ අවසානය සඳහන් කළේ facebook මෙහෙයුමකින්ද?
  • 2005 මහින්ද චන්ද්රිකාගේ පුකත් නැතිවෙන්න ගහන්නේ facebook මෙහෙයුමකින්ද?
  • 2009 මහින්ද ප්රභාගේ ඔළු කට්ට කුඩු කලේ facebook මෙහෙයුමකින්ද?
  • 2012 මධු මාධවී හා නානේලා දර්ගා ටවුම ගිනි තිබ්බේ facebook මෙහෙයුමකින්ද?
  • 2015 මහින්ද ජනෙල් ගැට්ටේ එල්ලේන්නේ facebook මෙහෙයුමකින්ද?
  • අන්තරේ උන් පාරවල් වසා පොලීසියට පුක පෙන්නන්නේ facebook මෙහෙයුම්වලින්ද?
  • වඳ පෙත්තක් දමාගෙන අං පාර ගිනි තියන්නේ facebook මෙහෙයුමකින්ද?
  • තඹුත්තේගම ජනතාව පාරට බැස්සේ facebook මෙහෙයුමකින්ද?
  • ඩැයිවර් මැරුවා කියා මුලු නුවරම ගිනි තබා රට විනාශ කොට ජාතිවාදය පැතිරුවේ facebook මෙහෙයුමකින්ද?
මේවා ඇමරිකන් බයිලායෆේස්බුක් යනු සමාජයේම කැඩ පතක් පමණි. facebook හෙවත් බුකියේ උන් ටිකක් එකතැනකට එක් රැස් කර ගැනීමට තිබෙනා අමාරුව දන්නේ බුකියේ කාළයක් තිස්සේ ඉන්නා එකෙක් ඉතරයඑය පුදුමයටකරුණක් නොවන්නේෆේස්බුක් යනු මිනිසුන් නිදහස්න වෙලාවට විනෝදය සඳහා පැමිනෙන තැනක් වීමයබොහෝඋන් ඉන්නේ නොරටය.
මේවා දෙස බැලූ විට ඉතාම පැහැදිලි කාරණය නම්රට ගිනි තියන්නේත්කැරලි කෝලාහාල කරන්නේත් වෙල් ඕගනයිස්පොලිටිකල් බැක්ග්රවුන්ඩ් එකක් ඇති අමු මදාවියෝය යන්නම පමණයඉදින් අතිසාරය වැළඳි මරණාසන්නව ඉන්නා මේගොබ්බ ආන්ඩුවට අපට කීමට ඇත්තේඅමුඩ ගැසීම නවතා දමා දැන්වත් අතීසාරයට බෙහෙත් ගන්නාවා නම් බොහෝහොඳයි කියනා එකය..
අවශ් බෙහෙත දඹර අමිල හිමියන් විසින් සොයාගෙන ඇත. VPN හරහා ගොස් හෝ බෙහෙත හොයා ගන්නේ නම්මරණය සුළු කළකට හෝ පමාකර ගැනිමේ චැන්ස් එකක්ද ඇතැයි කියාඅවසාන වසයෙන් ටුවිටරේ කොල්ලෙක් දමාඅදහසත් ලියා දමමින් මේ සමාජ මාජ්ජ ජාල මෙහෙයුම නවතා දමනවාය
කොලාහාල නැවැත්වීමට facebook තහනම් කලාද
Facebook තහනම් කිරීමට කෝලාහාල ඇති කලාද

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network