Related image
ආණ්ඩුවේ තනතුරු වලින් ඉල්ලා අස්වුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්  16 දෙනා තමන්ට විපක්ෂයේ අසුන් පනවන්නැයි ඉල්ලමින් පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසානායක මහතාට අද (27) උදේ ලිපියක් බාරදී ඇත.
පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කෙරෙන ලබන 8 වැනි දා තම කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්නා හෙයින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ මෙම ඉල්ලීම කළ බව හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
‘එතැන් සිට අපි විපක්ෂයේ කාර්යභාරය ඉටු කරනවා.එතැනදී එකාබද්ධ විපක්ෂ සමඟ වැඩ කරන්න වේවි’යැයි ද ප්‍රේමජයන්ත මහතා කීය.

Share The News

Post A Comment:

Back To Top