Header Ads

ad728
  • Breaking News

    මැයි 20දා සිට ත්‍රීවීල්වලට මීටර් අනිවාර්යයි


    මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ සඳහා මීටර් අනිවාර්ය කිරීම ලබන මැයි 20දා සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා 'මව්බිම'ට පැවැසීය.
    මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට මීටර් සවිකිරීම 2017 වසරේදී අනිවාර්ය කළද ත්‍රිරෝද රථ හිමියන්ට හය මසක සහන කාලයක් ලබාදුන් බව පැවැසූ සභාපති වෛද්‍ය සිසර කෝදාගොඩ මහතා එම සහන කාලය අප්‍රේල් 01 වැනිදා අවසන් වුවද මීටර් සවි නොකළ ත්‍රිරෝද රථ සඳහා තවත් මාසයක පමණ සහන කාලයක් ලබාදී මැයි 20 වැනිදා සිට මීටර් අනිවාර්ය කරන බවද හෙතෙම සඳහන් කෙළේය.
    මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීවීල් රථ සඳහා මීටර් අනිවාර්ය කළ පසු තිරෝද රථයේ ගමන් කරන මගියාට රිසිට්පතක් නිකුත් කළ යුතු බවද කෝදාගොඩ මහතා පැවැසීය.
    දැනට රට පුරා ත්‍රිරෝද රථ 11,50,000ක් පමණ ධාවනය වන බවද ඔහු පැවැසීය.
    මේ අතර සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රි ඒ.ජේ.එම්. පායිස් මහතා 'මව්බිම' කළ විමසුමකදී උතුරු කොළඹ ප්‍රදේශයේ ත්‍රීවීල් ධාවනය කරන විශාල පිරිසකට නොමිලේ මීටර් ලබාදුන් බව පැවැසීය.
    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රි අර්ෂාඩ් නිශාම්දීන් මන්ත්‍රිවරයා 'මව්බිම'ට කියා සිටියේ මැද කොළඹ පාර්ලිමේන්තු කොට්ඨාසයේ ත්‍රීවීල් රියැදුරන් විශාල පිරිසකට ත්‍රීවීල් මීටර් ලබාදී ඇති බවය.

    No comments

    Post Top Ad

    ad728

    Post Bottom Ad

    ad728