Apr 25, 2018

පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමීම දේශපාලන වශයෙන් මන්ද බුද්ධික පුද්ගලයන් වැරැදි අර්ථකතන කරනවා

Related image
පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබූ නොසන්සුන්තාව සන්සුන් කිරීමට පාර්ලිමේන්තු සැසිවාරය කල්දැමූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව දේශපාලන වශයෙන් මන්ද බුද්ධික පුද්ගලයන් වැරැදි අර්ථකතන කරන බවයි ජනපතිවරයා පෙන්වා දෙන්නේ.

ලන්ඩන් නුවරදී බී.බී.සී. සිංහල සංදේශය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. එහිදී ජනාධිපතිවරයා මෙලෙස ද අදහස් දක්වා සිටියා.
“සෑම මන්ත්‍රීවරයෙක්ම දේශපාලන වශයෙන් මොන මතවාද දරුවත් පාර්ලිමේන්තුව තුළ සුහදතාව තිබෙනවා. මම දැක්කා පාර්ලිමේන්තුවේ යම් නොසන්සුන්වීමක්. ඒ නිසා මට අවශ්‍යයි රට වෙනුවෙන් පාර්ලිමේන්තුව සන්සුන් තැනක් බවට පත්කර ගන්න. මේ ගැන නොයෙකුත් අර්ථ විග්‍රහයන් කරනවා. මම හිතන්නේ දේශපාලන වශයෙන් මන්ද බුද්ධික අය තමයි වැරදි විග්‍රහයන් කරන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදීමක් කියලා මම කියන්නේ නෑ. අපි තාමත් එකට කටයුතු කරනවා. ඔය පෙන්වන බෙදීමක් තවම ඇතිවෙලා නෑ. 16 දෙනෙක් ඇමති මණ්ඩලයේ ඉවත්වුණා. නමුත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වුණෙ නෑ. ආණ්ඩුව තුළ ඉන්නත් පුළුවන් කැමතිනම් ඉවත් වෙන්නත් පුළුවන්.’’ 

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network