Apr 12, 2018

බිම්බෝම්බ ඉවත් කිරීම අතින් ලංකාව අතිවිශිෂ්ටයි


බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මුහමාලේ ප්‍රදේශය තබා ඇති වාර්තාව පිළිබඳව තමන් යළිත් වරක් දැඩි ලෙස සතුටට පත්වන බව මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ බිම්බෝම්බ පිටුදැකීමේ ජාත්‍යන්තර නියෝජිත අල් හුසේන් කුමරු සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කොට තිබේ.
තමන් ශ්‍රී ලංකාවට පැමිණ මුහමාලේ ප්‍රදේශයේ සංචාරය කළ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වැඩිම බිම්බෝම්බ ප්‍රමාණයක් වළලා ඇති ප්‍රදේශය වශයෙන් මුහමාලේ ප්‍රදේශය දැක ගන්නට ලැබුණු බවත් එම ප්‍රද්ශවල බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවත්, බිම්බෝම්බ ඉවත් කිරීමේ සෙසු සංවිධානත් ගෙන ඇති උත්සාහය තමා ඉතා අගය කරන බවත් ඔහුගේ පණිවුඩයේ සඳහන් කොට තිබේ.
විශේෂයෙන්ම එම ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේදී දක්වා ඇති කාර්යක්ෂමභාවය පැසසිය යුතු බවත් ශ්‍රී ලංකා රජයෙන් බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත පිරිස වෙනුවෙන් ලබාදෙන දායකත්වය ලෝකයේ බොහෝ රටවලට වඩා ඉහළින් පවතින බවත් හුසේන් කුමරුගේ පණිවුඩයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ලෝකයේ සෙසු රටවල් දක්වා ඇති සහයෝගයට සිය ප්‍රණාමය පුදකොට ඇති හුසේන් කුමරු බිම්බෝම්බවලින් තොර නිදහස් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන යන වැඩපිළිවෙළට තවදුරටත් සහාය දක්වන ලෙසද ඉල්ලීමක් කොට තිබේ.

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network