Apr 25, 2018

ශ්‍රීලනිප මැයි රැළිය මඩකලපුවේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින උත්සවය පක්ෂයේ සභාපති,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මැයි 7 වැනි දා මඩකලපුවේ දී පවත්වන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි පෙළපාළියක් මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇතැයි ද සමරසිංහ මහතා කීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (25) පෙරවරු පැවති එම පක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
මැයි දින උත්සවයට සමගාමීව කම්කරු නායකයන් සමරා විශේෂ සම්මන්ත්‍රණයක් පැවත්වීමට පක්ෂය තීරණයක් ගත්තා යැයි සමරසිංහ මහතා වැඩිදුරටත් කීය.

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network