May 5, 2018

මහනුවර ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ තවත් 03ක් මාට්ටු


මහනුවර ප්‍රදේශයේ පසුගිය මාර්තුවේදී ඇවිළිගිය ජාතිවාදී ප්‍රචණ්ඩ සිදුවීම්වලට සම්බන්ධ තවත් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ජාතිවාදී කෝලාහලය සම්බන්ධයෙන් විමර්ශණය පවත්වන ත්‍රස්ත විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් පුද්ගලයන් අඹතැන්න, පූජාපිටිය හා වෙලේකඩ ප්‍රදේශයන් හි පිහිටි මුස්ලිම් දේවස්ථාන වෙත පහරදීමේ සිදුවීම්වලට සෘජුව සම්බන්ධ බවට සාක්ෂි ලැබී තිබෙන බවට පොලීසිය පවයසි
ඔවුන් තිදෙනාම තිදෙනාම පූජාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, වැඩිදුර විමර්ශණය සදහා පූජාපිටිය පොලීසිය වෙත ඔවුන් භාරදීමට නියමිත බවටත් වාර්තාවේ.

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network