May 9, 2018

ජනාධිපති රවීට කැබිනට් ඇමතිකම් දෙන්න බෑ කියයි - එජාපයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 6 කට නියොජ්‍ය ඇමතිකම්



එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 6 දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍ය පදවි පිරිනැමීමට එජාපය සැළසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.
ඒ අනුව රංජිත් අළුවිහාරේ, බුද්ධික පතිරණ, එඩ්වඩ් ගුණසේකර, ආනන්ද කුමාරසිරි, ලකී ජයවර්ධන සහ සිඩ්නි ජයරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට හිමි වීමට නියමිතව ඇති බවටයි වාර්ථා වෙන්නේ.
ඒ සඳහා අවශ්‍ය නිර්දේශය මේ වනවිට ජනාධිපති කාර්යාලයට ද යවා ඇති අතර, කැබිනට් අමාත්‍ය පදවියක් සඳහා දෙවන වරටත් යෝජනා වූ රවි කරුණානායක මහතාගේ නම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැ බවද ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියා සිටියා.

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network