May 14, 2018

මහින්ද, ගෝඨා, බැසිල් එකම තැන හමුවෙයි - රටේ ඉදිරිය ගැන වැදගත් සාකච්ඡාවක්!


මේ වන විට කඩා වැටුනු රටේ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව සැලැස්මක් අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ වියත්මග වාර්ෂික සමුළුවට ඊයේ (13) පස්වරුවේ එක්වෙමිනුයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නිර්මාණය වෙමින් ඇති අවස්ථා ශ්‍රී ලංකාව වෙත ගෙන ඒමට කටයුතු කළ යුතු බවයි. එමෙන්ම ආර්ථික වර්ධනය පිළිබඳ අනිවාර්යයෙන්ම සිතා සියලූ සැලසුම් සකස් කළ යුතු බවත් ඔහු මෙහිදී පවසා සිටියා.
මේ වන විට නැගී එන ආසියානු ආර්ථිකයෙන් උපරිම ඵල නෙලා ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපාය මාර්ගික ලෙස ස්ථාන ගත කිරීම 2018 වියත්මග වාර්ෂික සමුළුවේ අපේක්ෂාව වූ අතර 2030 දක්වා දිවෙන මාර්ග සැලසුමක් නිර්මාණය කිරීම උදෙසා කතිකාවක් ගොඩ නැගීම මේ හරහා සිදු කරනු බවයි දැනගන්නට ලැබෙන්නේ.
සමුළුවෙන් පසු ඊට සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ එකම ස්ථානයකදි මාධ්‍ය වෙත අදහස් පළ කළ අතර මෙම සමුළුව සඳහා විද්වතුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් රැසක් එක්ව සිටියා.
මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ වියත්මඟ වැඩසටහන ඉතා වැදගත් දෙයක් ඒ තුළින් උගතුන් බුද්ධිමතුන් ඉදිරියට පැමිණිය යුතු බවත්ය. එමෙන්ම බැසිල් රාජපක්ෂද මෙහිදී මාධ්‍යට අදහස් දක්වා සිටි අතර ඔහු පවසා සිටියේ ලංකාවේ සියලු ක්ෂේත්‍රයන්වල පිරිස් එක් කරගෙන දේශපාලන බේදයකින් තොරව රට කුමන අතකට ගමන් කළ යුතුද යන්න සාකච්ඡා කළ යුතු බවයි.
Previous Post :Go to tne previous Post
Next Post:Go to tne Next Post