විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට!

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය පවසයි.
වෙනත් නඩුවක් සම්බන්ධ සාක්ෂිකරුවන්ට බැණ, මෙම ගිනි අවිය පෙන්වා මරණ තර්ජනය සිදු කරන ආකාරය  අන්තර් ජාලයේ තිබූ විඩියෝවක්  ඔස්සේ සිදු කල පරීක්ෂණ අනුව එම පුද්ගලයා පුත්තලම නගරයේ දී අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී , ගිනි අවිය පුත්තලම මනගුන්ඩු ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී  පොලිසිය සොයා ගෙන තිබේ.

ඊයේ(10) දහවල් සොයා ගත් මෙම ගිනි අවිය බොර 12 ගිනි අවියට සමාන විදෙස් රටක නිෂ්පාදිත එකක් බවත් , මෙය නිරන්තරව ක්‍රියාකාරී මට්ටමේ තිබී ඇති බවත් පවසයි.
සතුන් දඩයමට හෝ යම් යම් අපරාධවලට යොදා ගන්න ඇතැයිද පොලීසිය සැක පහල කරන අතර ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරනු ලබයි.

අත්අඩංගුවට පත්  පුද්ගලයා මීට වසර ගණාවකට පෙර පුත්තලම නගරයේ පොලිස් නිලධාරියකු කපා කොටා ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වී, දැනට ඒ පිළිබදව පුත්තලම මහාධිකරණයේ නඩුවකට අප මත නිදහස්ව සිටින අයෙකි.
සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
இந்த செய்தியை நண்பர்களுடன் பகிர்ந்து கொள்ள...