Apr 4, 2019

උසස් පෙළට සීමාවූ අකිලගේ ටැබ් අනාගතයේදී සියලුම පංතිවලට

උසස් පෙළට පමණක් නොව අනාගතයේ දී අනෙක් ශ්‍රේණිවලටත් ටැබ් පරිගණක ලබාදෙන්නට පියවර ගන්න බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඊයේ (03) පැවති වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ අදහස් පළ කළේය. 

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියේය.මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, උසස් පෙළට මෙන් ම අනෙකුත් පන්තිවල දරුවන්ට ද අනාගතයේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගන්නා බවයි.

තාක්ෂණය සමඟ ලෝකය දිනෙන් දින වෙනස් වන බවත්, අද වැඩිහිටියන් යෙදෙන රැකියාවන්ට වඩා අනාගතයේ දී දරුවන්ට නිරතවන්නට සිදුවන රැකියා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගන්නා බවත්, ඔවුන්ට එවන් අනාගතයකට මුහුණ දිය හැකි දැනුමින් සන්නද්ධ කරවීම‍ට පියවර ගත යුතු බවත් මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.පොත් බෑගයක් වෙනුවට ටැබ් පරිගණකයක් සමඟ පාසල් එන්නට අවස්ථාව ඉදිරියේ දී ලබාදෙන්නට පියවර ගන්නා බවත්, අමතර කියවීම් පොත්, e ඉගෙනුම්, e - ටියුෂන් ආදී පහසුකම් ඒ හරහා දරුවන්ට ලබාගැනීමට ඒ අනුව ඉඩ ප්‍රස්ථා සලසාදිය හැකි බවත්, අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය නගාසිටුවිය හැකි නිපුනතා සපිරි විදුහල්පතිවරුන් පද්ධතිය තුළ සිටිය යුතු බවත්, ඒ වෙනුවෙන් පසුගිය සමයෙහි පැවති විදුහල්පතිවරුන් බඳවාගැනීමේ ක්‍රමවේද වෙනුවට වඩාත් සාධාරණ හා ප්‍රායෝගික වූ බඳවාගැනීමේ ක්‍රමවේද අනුගමනය කරන්නට පියවර ගත් බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network