හරි මිල සූත්‍රයක් නැතිව ඉන්ධන ගණන් උස්සන්න එපාලු

NEWS
0
Related image

නිවැරදි මිල සූත්‍රයක් හඳුන්වා දීමකින් තොරව ඉන්ධන මිල වැඩි නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා පැවසීය.
 
මේ වනවිටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට රුපියල් කෝටි 19ක පාඩුවක් ලබන බවත් නිවැරදි මිල සූත්‍රයක් නොතිබීම සහ නිසි කළමණාකරණයක් නොමැතිවීම මෙම තත්වයට හේතු වී ඇති බවත් ඔහු කියා සිටියේය.
 
පිටකෝට්ටේ පිහිටි ජාතික  සේවක සංගම් මූලස්ථානයේ අද(23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
 
නිවැරදි මිල සූත්‍රයකින් තොරව ඉන්ධන මිල වැඩිකළහොත් එහි පාඩුව දිරීමට සිදුවන්නේද මහජනතාවට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ට බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default