පුටු හුවමාරුවෙන් පසු වෙනසකට ලක්වූ පාර්ලිමේන්තුවේ වර්ථමාන සංයුතිය



ආණ්ඩුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අමාත්‍යවරු ඇතුළු මන්ත්‍රී වරුන් පිරිසක් ඊයේ (08දා) විපක්‍ෂයේ අසුන් ගැනීමත් සමග පාර්ලිමේන්තුවේ පක්‍ෂ, විපක්‍ෂ සංයුතිය ‍වෙනසකට ලක් වුණා.

ඒ අනුව කථානායකවරයා හැර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 129ක් සිටිනවා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 95ක්.

එක්සත්ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 106 දෙනෙකු හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් 23 දෙනෙකු ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරනවා.
එමෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතර ඒකාබද්ධ විපක්‍ෂ මන්ත්‍රීවරු 55 දෙනෙක්, ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු 16 දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු 06 දෙනෙක්, ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක්,ඊ.පී.ඩී.පී. මන්ත්‍රීවරයෙක් හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් සිටිනවා.

கருத்துரையிடுக

0 கருத்துகள்