Headlines
Loading...
විල්පත්තුව කපලා තියෙනවා කියලා පුලුවන්නම් ඔප්පු කරන්න - ඕනි දඬුවමක් විඳින්න මම සූදානම් - රිෂාඩ් බදූර්දීන්ගෙන් අභියෝගයක්

විල්පත්තුව කපලා තියෙනවා කියලා පුලුවන්නම් ඔප්පු කරන්න - ඕනි දඬුවමක් විඳින්න මම සූදානම් - රිෂාඩ් බදූර්දීන්ගෙන් අභියෝගයක්


''අද සමහරු මටත් මගේ සමාජයටත් චෝදනා කරනවා අපි විල්පත්තු කැලේ කපලා විනාශ කර වෙනත් පළාත්වල ඉන්න මුස්ලම් ජනතාව ගෙනල්ල බලෙන් ගෙවල් හදල පදිංචි කරනවා කියල. විල්පත්තු අභය භූමිය තුළ එක බිම් අඟලක් හරි අපි විනාශ කරල තියෙනවා නම් හෝ මුස්ලිම් ජනතාව ගෙනල්ල පදිංචි කරල ඇති බවට ඔප්පු කර පෙන්නන්න මම ඒ කියන අයට අභියෝග කරනවා'' යැයි රිෂාඩ් බදූර්දින් මහතා පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (1) කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයන් දහසක් සඳහා රුපියල් ලක්ෂ සියයක වටිනාකමකින් යුත් උපකරණ බෙදාදීම හා ආබාධිත පුද්ගලයන්ට රෝද පුටු බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනුයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එය ඔප්පුකර පෙන්විය හැකිනම් එලෙස පදිංචි කර ඇති සියලු දෙනා ඒ තැන්වලින් ඉවත් කරන්නත් ඒ වෙනුවෙන් ලබා දෙන ඕනෑම දඬුවමක් විඳින්නත් තමන් සූදානම් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පවසා සිටියා...
''මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත් දැනුම් දුන්නා. මේ රට තුළ මටත් මගේ සමාජයටත් වැරදි චෝදනා එල්ලවෙමින් තියෙනවා. ඒ වෙනුවෙන් වෙනම කොමිසමක් හරි පත් කර මේකෙ සත්‍යතාව හොයල අපේ වරදක් තියෙනව නම් ඒ වෙනුවෙන් මට හෝ මගේ සමාජයට ඕන දඬුවමක් ලබා දෙන්න කියලා.
පසුව ජනාධිපතිවරයා ඉඩම් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ නායකත්වයෙන් ඒ වෙනුවෙන් කොමිසමක් පත් කළා. ඒ වාර්තාව අපි ජනාධිපතිවරයාට භාර දුන්නා. නමුත් අද වෙනකොටත් ඒ වාර්තාව එළියට ආවේ නැහැ. එය එළියට ආවනම් දැනගන්න තිබුණා මේ කියන කතාවේ ඇත්ත නැත්ත. එම නිසා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරල ඒ වාර්තාව එළියට දාන්න කියලා.
ඒ නිසා මම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කියනවා ගිය ආණ්ඩුව කරපු වරද ඔබ දෙදෙනා කරන්න එපා කියලා. අහිංසක ජනතාවගේ ආර්ථිකය විනාශ කරන්න එපා කියලා. ඒ වගේම රටේ තියෙන සම්පත් ආරක්ෂා කර මේ රට හදන්න නායකයො දෙන්න එකට වාඩිවෙලා කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා''

0 Comments: