දේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක්


දේශීය අල ගොවියාට සිය අස්වැන්න සඳහා සධාරණ මිලක් ලබාදීමේ අරමුණින් ඔවුන්ගේ නිෂ්පාදන ලංකා සතොස හරහා මිලදී ගැනීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
මේ දිනවල දේශීය අර්තාපල් අස්වනු සීඝ්‍රයෙන් වෙළඳ පොලට ලැබීමත් සමඟ කූඨ වෙළඳුන් විසින් දේශීය අල ගොවියාගෙන් එම අස්වනු අඩුමිලට ලබාගැනීමේ ඇති හැකියාව වලක්වමින් දේශීය අල ගොවියා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේය.
ලංකා සතොස ජනතාවගේ ආයතනයක් බැවින් සතොස ආයතනයේ ඉහල පෙලේ නිළධාරීන් සමඟ මේ පිළිබඳව කල සාකච්ඡාවකින් පසුව මෙලෙස දේශීය අල ගොවියාගෙන් නිෂ්පාදන මිලදීගැනීමට තීරණය කල බවත් වෙළඳපොලේ අල ගොවියා වෙනුවෙන් ගෙවිය හැකි උපරිම මිලක් මේ යටතේ ගෙවීමට සතොස සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
දේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක් දේශීය අල ගොවියාට ඇමති රිෂාඩ්ගෙන් සහනයක් Reviewed by NEWS on September 06, 2018 Rating: 5