හෙට උදේ රනිල් අගමැති ධුරයේ දිවුරුම් දෙනවා

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙට (16) උදේ 10.30 අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන බව එක්ත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ හෙට ජනාධිපති ලේකම් කර්යාලයෙදි මෙය සිදු වීමට නියමිත බවයි. අද (15) අරලිය ගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

තිස් දෙනෙකුගෙන් යුතු නව අමාත්‍ය මණ්ඩලය ලබන සඳුදා දිනයේදී දිව්රුම් දෙන බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
இந்த செய்தியை நண்பர்களுடன் பகிர்ந்து கொள்ள...