Jan 30, 2019

ජාතික නිදහස් දින සමරුම් උත්සවයට මහින්ද නෑ..

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි 04 වැනිදා ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන ජාතික නිදහස් දින සමරුම් උත්සවයට සහභාගි නොවන බවට රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් දැනුම්දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
හිටපු ජනාධිපතිවරයෙකු,අගමැතිවරයෙකු මෙන්ම වත්මන් විපක්ෂනායක ධුරයද දරන බැවින් මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා පත් යොමුකර ඇති බවද පැවසේ.
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ,මහින්ද රාජපක්ෂ මහතාට නිදහස් උත්සවයට සහභාගිවන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ආරාධනයක් ලැබී තිබෙන බවත්,එම උත්සවයට සහභාගිවනවාද නැද්ද යන්න සම්බන්ධව විපක්ෂනායකවරයා මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත් මාධ්‍ය වෙත පැවසීය.

SHARE THIS

Author:

If you have any problems or have comments or suggestions for improving our web, please contact ceylonmuslim24@gmail.com we will do our best to assist you | Chief Edito, CeylonMuslim Media Network