විජයකලාගේ නඩුව මැයිවල යළි කැඳවයි


කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් සිදු කළේ යයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර දැනට ඇප මත මුදාහැර සිටින ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ලබන මැයි මස 10 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද(22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පොලිස් කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව පැමිණිල්ල නැවත මැයි මස 10 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස පොලීසියට දැනුම් දී තිබේ.
විජයකලාගේ නඩුව මැයිවල යළි කැඳවයි විජයකලාගේ නඩුව මැයිවල යළි කැඳවයි Reviewed by NEWS on February 22, 2019 Rating: 5