විදුලි අර්බුදය ගැන ඇමති රවී පාර්ලිමේන්තුවේදී අද කතා කරයි

මේවන විට මතුව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා රජය අනුගමනය කිරීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද(29) පාර්ලිමේන්තුව දැනුවත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

නිසි කලට වැසි ලැබි විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම වෙනුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශයන්ගෙන් ලබාගන්නා පැන්, ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙත පූජා කිරීමේ වාර්ෂිකව සිදුකෙරෙන පැන් පූජා මහෝත්සවය ඊයේ(28) පැවැත්වුණි.
இந்த செய்தியை நண்பர்களுடன் பகிர்ந்து கொள்ள...