සමහර පළාත් සභාවලට අපද්‍රව්‍ය

NEWS
0

සමහර පළාත් සභාවලට අපද්‍රව්‍ය ඉවත් කිරීමට බවුසර් බෙදා හැරීමේ වැඩසටහන, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (24) අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය සභාව, මුලතිව් ප්‍රාදේශීය සභාව, මොනරාගල ප්‍රාදේශීය සභාව හා තලවකැලේ නගර සභාව යන සභාවලට මෙම බවුසරය නිකුත් කළේය.
එම ප්‍රදේශවලට සම්පූර්ණයෙන්ම අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා පුරෝගාමියා ලෙස ලෝක බැංකු ව්‍යාපෘතිය යටතේ පළාත් සභාවලට මෙම වාහන මිලදී ගෙන ඇත. මෙවැනි ක්‍රියාකාරකම් මගින් භූගත ජල දූෂණය වැළැක්විය හැකිය.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default