ටයිම්ස් අනාවරණය ගැන ජනපති කොමිසමක් ඉල්ලයි

Anonymous
0
Related image

නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතින් හෙළි කළ කරුණු ගැන සොයා බැලීම සඳහා පුළුල් බලතල ඇති විශේෂ ජනාධිපති කොමිසමක්  පත් කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
 
පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටුශාලා අංක 08 හි අද පැවති මාධ්‍ය හමුවේදී ඒ බව පැවසුවේ මන්ත්‍රීවරයා එහිදී මෙසේද කීය.
 
‘‘චයිනා  හාබර් ඉංජිනියර් කම්පැණිය නිකුත් කළ නිවේදනයේ කිසිම තැනක සල්ලි දුන්නේ නැහැ කියල නැහැ. නිව්යොර්ක් ටයිම්ස් වාර්තාවේ පළවු කරුණූ අසත්‍යයි කියලා විතරයි කියන්නේ.
 
මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ  වැඩක්.මේ ගනු දෙනුවට සම්බන්ධ පාර්ශ්ව තුනක් තිබෙනවා. චයිනා හාබර් කම්පැණිය, ස්ටැන්ඩ් චාර්ටඩ් බැංකුව සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මේ චෙක්පත් නිකුත් කර තිබෙන්නේ ස්ටැන්ඩ් චාර්ටඩ් බැංකුවයි. එ‍හෙම නම්  මේ කම්පැනියේ ගිණුමක් අපේ බැංකුවේ නැති බවත් අප ඒ ගිවිසුමට අදාළව චෙක්පත් නිකුත් කර නැති බවත් ඒ බැංකුවට කියන්න පුළුවන්.
 
හිටපු ජනාධිපතිතුමා මේ ගැන නඩු දානවා කියලා තියෙන්නේ මේවා ගැන පළ කරපු ලංකාවේ මාධ්‍ය ආයතනවලට මිස නිව්යොර්ක් ටයිම්ස් පුවත්පතට නෙවෙයි. එමගින් එතුමා කියන්නේ මේවා ලංකාවේ පළ කරන්න එපා කියලයි.‘‘
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default