ඥානසාර හිමීයන්ට සමාව දෙන්නැයි මුස්ලිම් සාම සමුළුවෙන් ඉල්ලීමක්..

Ceylon Muslim
0 minute read
අධිකරණයට අපහාස කිරිමට වැරදිකරුව සිරදඬුවම් ලබා සිටිනබොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන්නැයි අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රටට සේවයක් කළ ප්‍රකට භික්ෂු නමක් බවද උන්වහසේට නිදහස ලබාදීම බෞද්ධයින්ගේ පමණක් නොව අන්‍යාගමිකයින්ගේ ද සතුටට හේතුවනු ඇතැයි ද අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් සාම සමුළුවේ නියෝජිත එස්.එල්.එම්. හනීෆා මදනීගේ අත්සනින් යුතුව ලිපියක් යවමින් එම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
To Top