සිරියාවට පහරදීම හෙලා දකිනවා

NEWS
0

සිරියානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක් වී එල්ල කළ මිසයිල ප්‍රහාරය තරයේ හෙලා දකින බව ඉරානය කියයි.
ඉරාන උත්තරීතර නායක අයෝතුල්ලා කොමේනී පවසා ඇත්තේ බටහිර රටවල් එක් වී, බොරු චෝදනා එල්ල කරමින් සිරියාවට පහරදීමක් සිදු කරන බවය.
ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක් වී, සිරියාවේ හමුදා කඳවුරු ඉලක්ක කරගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කළේ සිරියානු රජය රසායනික විස වායු ප්‍රහාර යොදා ගනිමින් සිවිල් වැසියන් අමු අමුවේ මරාදමන බවට චෝදනා කරමිනි.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default