නව පාසල් වාරයට පෙර සියලු පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන්

NEWS
0

නව පාසල් වාරය ආරම්භවීමට පෙර දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට සියලු පාසල් දැනුවත් කර තිබේ.
ඒ අනුව ගුරුවරුන්, මාපියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගිත්වයෙන් අප්‍රේල් මස 22 වන දින දිවයිනේ සියලු පාසල්වල පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එළඹෙන නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු මදුරුවන් වර්ධනය වීමේ අවදානමක් පවතින බැවින් එම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන තිබේ.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default