ඉල්ලා අස්වූ ඇමතිවරු වෙනුවට තාවකාලිකව හතර දෙනෙක් පත්කරයි

NEWS
0
රී ලංකා නිදහස් පක්ෂයේ 06 දෙනකු ඊයේ (11) ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කැබිනට් අමාත්‍ය ධුරවල වැඩ බැලීම සඳහා කැබිනට් ඇමැතිවරුන් හතර දෙනකු පත් කර තිබේ.
ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ධුරයේ සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා ඇමැති සරත් අමුණුගම මහතා,
ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා රංජිත් සියඹලාපිටිය මහතා,
ක්‍රීඩා අමාත්‍යංශයේ වැඩ බැලීමට අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා,
සමාජ සවිබල ගැන්වීමේ හා කම්කරු අමාත්‍යංශයේ වැඩ බැලීමට ඇමැති මලික් සමරවික්‍රම මහතා පත් කරනු ලැබ සිටිති.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default