ගායකයා වැලඳ ගත්තැයි හිරේ

NEWS
0

සංගීත ප්‍රසංගයක් නැරැඹීමට ගොස්, එම ප්‍රසංගය ඉදිරිපත් කළ ගායකයා වැලඳ ගත්තේ යැයි චෝදනා ලැබූ සෞදි කාන්තාවකට සිර දඬුවම් නියම වී ඇත.
වැලඳ ගත් බව පැවැසෙන්නේ සෞදියේ සුපිරි ගායකයකු වන මජීද් අල් මොහන්දීස් ය. ඒ, ටයිෆ් නමැති නගරයේ පැවැති ප්‍රසංගයකින් අනතුරුව වේදිකාව පසුපසදීය.
ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වුවත්, කාන්තාව ඔවුන් පෙරළා මජීද් අල් ළඟට ගොස් ඔහු බදාගෙන සුබ පතා ඇති බව පැවැසෙයි. ඇය මජීද් අල්ගේ රසිකාවියකි.
සෞදි නීතියට අනුව, තමන්ගේ ඥාතීන් නොවන කිසිම පිරිමියකු සමඟ සමීප සබඳතා පැවැත්වීම සෞදි කාන්තාවන්ට කළ නොහැකි බව විදෙස් පුවත් සේවා සිහිපත් කර දෙයි.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default