විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිකුත් කළ රාම්ලාන් පණිවිඩය.
ඉස්ලාම් භක්තිකයන් ස්වකීය උපවාස සමය අවසන් කොට රාම්ලාන් අවුරුද්ද සමරණ සුවිශේෂී දිනය අදට (14) යෙදී තිබේ.
ඉස්ලාම් දහමට අනුව සදාචාරවත් සමාජයක් ගොඩනැඟීම සඳහා ද පුද්ගලයාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සඳහා ද යොදා ගත යුතු නීති පහක් තිබේ. එය පංච මහා බලය ලෙස ද හැඳින්වේ. එහි සිව්වන බලය වන්නේ උපවාසශීලය යි. මිනිසාගේ දුක හඳුනාගැනීම, සහයෝගයෙන් එය භුක්ති විඳීම හා පෞද්ගලික තෘෂ්ණාවෙන් බැහැර වී ආත්ම දමනයකින් කාලය ගෙවීමත් උපවාස ශීලයෙහි අර්ථය යි. ඔවුහූ එම උපවාස සමය අවසන්කොට අද රාම්ලාන් සඳ බලමින් සිය ආගමික කටයුතු සම්පූර්ණ කරයි.
ඉකුත් වසරේ මෙන්ම මෙවරද ඉස්ලාම් බැතිමතුන් ට,චිරාත් කාලයක් මුළුල්ලේ ඔවුන් විසින් සිදුකළාවූ ආගමික කටයුතු කරන්නට සිදු වූයේ ලෝකයම කොරෝනා ව්‍යසනයට මැදිව ගතකරන ව්‍යාකූල සමයකය.
ලෝකයට නිදුක් නිරෝගී බවත්,සියලු මිනිස් වර්ගයාට සතුට සහ සැනසුමත් උදාවීම උදෙසා සියලු ශාස්තෲවරුන්ගේ නාමයෙන් අප ආයාචනා කළයුතුව තිබේ. එය අර්ථවත් කරමින් මේ ව්‍යසනකාරී සමය නිමාවන ලෙස ඉල්ලා ආගමානුකූල කටයුතුවල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට අපේ ප්‍රණාමය පුද කරමු.
මනුෂ්‍ය වර්ගයාගේ යහපත හා ආරක්ෂාව උදෙසා අන් සියල්ලටම පෙර පාරිශුද්ධත්වයට පත්කරගත යුත්තේ මනස බව අපි ව්ශ්වාස කරමු.
එකී උදාර අරමුණු පෙරදැරිව කටයුතු කරන සුපසන් දැක්මකින් යුත් සමස්ත ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට අපගේ සුභාශිංසන පිරිනමමු.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක

0 கருத்துகள்