රවීට උප පුටුවක් දුන්නට ජොශප් එරෙහි වෙයි

NEWS
0

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට පැවැත්වෙන අතර රවී කරුණනායක මහතා උප නායක තනතුරට පත් කිරීමට එරෙහිව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොශප් මයිකල් පෙරේරා මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.
 
 
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු යටතේ ඊයේ (25) නව තනතුරු කිහිපයක් පත්කළ අතර උප නායක තනතුර සඳහා රවී කරුණානායක මහතා යෝජනා කර තිබිණි.
 
එසේම තමන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් වන බවද ඔහු අද දෙරණ වෙත ප්‍රකාශ කළේය.
Tags

Post a Comment

0 Comments

Post a Comment (0)
3/related/default